දේශීය

කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට (O/L) විභාගයට මුහුණ දීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ඇති කිරිමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ එවැනි සිසුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට විභාගයට මුහුණ දිය හැකි බවයි.

අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව හඳුනා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර නිරෝධායනයට ලක්වන සිසුන් වෙතොත් ඔවුන්ට විභාගයට මුහුණ දීමේ පහසුකම් සැලසීමේ අරමුණින් සියලූ විභාග මධ්‍යස්ථානවල හුදෙකලා පන්ති කාමරයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

 

Related posts

දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත මහා ගංවතුර අවධානමක්…?

Editor O

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment