දේශීය

කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට (O/L) විභාගයට මුහුණ දීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ඇති කිරිමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ එවැනි සිසුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට විභාගයට මුහුණ දිය හැකි බවයි.

අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව හඳුනා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර නිරෝධායනයට ලක්වන සිසුන් වෙතොත් ඔවුන්ට විභාගයට මුහුණ දීමේ පහසුකම් සැලසීමේ අරමුණින් සියලූ විභාග මධ්‍යස්ථානවල හුදෙකලා පන්ති කාමරයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

 

Related posts

තවත් කොවිඩ් මරණ 4ක්

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගම එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් කඩකළ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment