දේශීය

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවක් ගැන හමුදාවෙන් පරීක්ෂණ

(UTV | කොළඹ) – යුධ හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග ඇති වූ සිදුවීමක් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් පූර්ණ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුධ හමුදාව නිවේදනය කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනයේ දී එහි දෙපාර්ශවයම අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පාර්ශවයන් වෙත යොමු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නීතිගරුක මෙන්ම විනය ගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා යුද හමුදාව සෑම අවස්ථාවකදීම සිය නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් එවැනි ක්‍රියා සිදුකරනු ලබන අයවලුන් ගැන දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා අවධාරණය කරයි.

 

Related posts

විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි

Mohamed Dilsad

Leave a Comment