Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බවය.

ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වැනි දා ට පෙර ඔන්ලයින් ඔස්සේ එම පහසුකම සලසා ඇති බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේය. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකිය.

සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 474,147 කි. මධ්‍යස්ථාන 3663කදී ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා විභාගය පැවැත්වේ.

Related posts

IMF expects Sri Lanka’s economy to normalise, but vulnerable due to high debt

Mohamed Dilsad

உதயங்க வீரதுங்கவை அழைத்துவர ஏழு பேர் கொண்ட குழு டுபாய் பயணம்

Mohamed Dilsad

அதிவேக நெடுஞ்சாலையின் பேரூந்து கட்டணமானது நள்ளிரவு முதல் குறைவு

Mohamed Dilsad

Leave a Comment