Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු නිවසේ නැතිලු

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ. ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගයක් මතයි.

පොලිසිය විසින් සෝදිසියට ලක් කරන අවස්ථාවේදී ඔහු එම නිවසේ සිට නැති බවද වාර්තා වෙයි. 2023 වසරේ දෙසැම්බර් 31වෙනිදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම නියෝගය අධිකරණයෙන් නිකුත් කර තිබේ.

මේ අතර ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අධිකරණ නියෝගයක් මත ලොක්කෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ දී ඔහු සැඟවී ඇති බවය. නමුත් අද හෙටම ඔහු බාරවනු ඇතැයි තමා විශ්වාස කරන බවද හිතම කියා සිටියේය.

Related posts

නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ රක්ෂිත බන්ධනාගාරයට

Editor O

රාජ්‍ය ආයතන සතු අරමුදල් කළමනාකරණයට කෙටුම්පතක්

Mohamed Dilsad

රිජ්වේ ළමා රෝහල පිළිබඳ පළවූ අසත්‍ය පුවත ගැන CID පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment