දේශීය

රිජ්වේ ළමා රෝහල පිළිබඳ පළවූ අසත්‍ය පුවත ගැන CID පරීක්ෂණ

(UTV | කොළඹ) –  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් ප‍්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ ඔස්සේ ප‍්‍රචාරය වූ අසත්‍ය ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂයවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව ඒ මහතා සඳහන් කරයි.

මෙම අසත්‍ය පුවත් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවට රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා ඇත.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු කොරෝනා ආසාදිත රෝගියකු ප‍්‍රතිකාර නොගන්නා බවත් සමාන්‍ය රෝගීන්ට කිසිදු බියක් පැකිලීමක් නොමැතිව වෙනදා මෙන් පැමිණෙන ලෙසට රෝහල් අධ්‍යක්වරයා දැනුම් දුන් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

විදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවට

Mohamed Dilsad

10 සහ 12 ශ්‍රේණිවලට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්

Mohamed Dilsad

“හිඟා කාලා හරි පාසල් ළමුන්ට කෑම වේල දෙනවා” – ඇමති සුසිල්

Mohamed Dilsad

Leave a Comment