දේශීය

අද සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මේ දක්වා මහජනතාවට පනවා තිබූ සීමාවන් අද(20) දිනයේ සිට ලිහිල් කර තිබේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ අද දිනයේ සිට මහජනතාවට පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කෙරෙන බවයි.

ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක වන අතර රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03.00 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබාදී ඇති බව සඳහන්ය.

කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීමට පසුගිය දා ඉදිරිපත් කළේය.

පාසල් බලධාරීන්හට තම අයදුම්පත්‍ර www.parliament.lk යන වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉල්ලුම් කළ හැකි අතර 011 2 777 473 හෝ 335 යන අංකවලට ෆැක්ස් පණිවුඩයක් යොමු කළ හැකි බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශ සංචාරකයින්ට එම පහසුකම ලබාදිය හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිත පොකුරක්

Mohamed Dilsad

සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජයේ තීරණයක්

Mohamed Dilsad

රටේ ආර්ථිකය ගැන එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment