දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පනින්නේ ඇයි?

(UTV | කොළඹ) – මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය අසල දී පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව තිබෙනවා.

ඒ අනුව එම මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ධාවන සිදු වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කොළඹ – කොටුවේ සිට හික්කඩුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය අසල දී පීලිපැනීමට ලක්වූයේ ඊයේ (20) පස්වරුවේයි.

කෙසේ වෙතත් පසුගිය සතියේ අවස්ථා දෙකක දී කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රිය පීලි පැනීම්වලට ලක්වුණා.

මේ අතර, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීළිපැනීමට හේතුව පීළි දිරාපත්වීම සහ දුම්රිය එන්ජින් නඩත්තු නො කිරීම බවට අනාවරණය වී තිබෙනවා.

කොළඹ කොටුවේ සිට වාද්දූව දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පීලි මෙලෙස දිරාපත් වී ඇති බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න කියා සිටියේ, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දුම්රිය පීළි මිල දී ගැනීමට ද මේ වන විට බාධාවක් එල්ල වී ඇති බවයි.

Related posts

වරාය නගරයේ වෙරළ තීරය ලබන වසරේ දී විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

කොරෝනා මළ සිරුරු ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්

Editor O

පූජිත්ට එරෙහි සෝපාන නඩුවේ විමර්ශණ කටයුතු අවසන්

Mohamed Dilsad

Leave a Comment