Trending Newsඑසැන පුවත්දේශීය

තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

තම ජීවිතයට කිනම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ආරක්ෂක ලේකම්වරයා මෙන්ම වර්තමාන ආණ්ඩුව ඊට වගකිවයුතු යැයි හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඔහු ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් ගිනි අවි නැවත ඔවුන්ට ආපසු ලබා දෙන ලෙසය. අයවැය දෙවැනි වර කිරීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘අපේ ගිනි අවි රජය බාරයට ගත්තා. මම ලක්ෂ අටක් දිලා ඒ අවි දෙක ගත්තේ ජීවිත දේපළ ආරක්ෂාවට. අපේ ආරක්ෂාව ඉවත් කරලා තියෙන්නේ. මගේ ජිවිතයට ප්‍රශ්නයක් වුණොත් කතානායකතුමා වග කියන්න ඕනෑ. ආරක්ෂක ලේකම්තුමා වග කියන්න ඕනෑ. මේ රජය වග තියන්න ඕනෑ.

ගම්වල පාතාලය ළඟ තියෙන ආයුධ තවම අත්අඩංගුවට ගන්නෙ නෑ. අපේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් ගිනි අවි දෙන්න.හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාතාල මැරවරයන් ඉන්නවා. ආරක්ෂාව ඉල්ලුවා. කතානායකතුමා ලිපිය පොලිස්පතිතුමාට යැව්වා. අද වෙනතුරු ආරක්‍ෂාව ලබා දී නෑ’

Related posts

ஒரே குடும்பத்தைச் சேர்ந்த 11 பேர் தற்கொலை வெளியாகிய மர்ம தகவல்கள்

Mohamed Dilsad

A. H. M. Fowzie appointed as National Unity, Co-existence, and Muslim Religious Affairs State Minister

Mohamed Dilsad

வாகன விபத்தில் இருவர் பலி…

Mohamed Dilsad

Leave a Comment