Trending Newsඑසැන පුවත්දේශීය

තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

තම ජීවිතයට කිනම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ආරක්ෂක ලේකම්වරයා මෙන්ම වර්තමාන ආණ්ඩුව ඊට වගකිවයුතු යැයි හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඔහු ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් ගිනි අවි නැවත ඔවුන්ට ආපසු ලබා දෙන ලෙසය. අයවැය දෙවැනි වර කිරීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘අපේ ගිනි අවි රජය බාරයට ගත්තා. මම ලක්ෂ අටක් දිලා ඒ අවි දෙක ගත්තේ ජීවිත දේපළ ආරක්ෂාවට. අපේ ආරක්ෂාව ඉවත් කරලා තියෙන්නේ. මගේ ජිවිතයට ප්‍රශ්නයක් වුණොත් කතානායකතුමා වග කියන්න ඕනෑ. ආරක්ෂක ලේකම්තුමා වග කියන්න ඕනෑ. මේ රජය වග තියන්න ඕනෑ.

ගම්වල පාතාලය ළඟ තියෙන ආයුධ තවම අත්අඩංගුවට ගන්නෙ නෑ. අපේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් ගිනි අවි දෙන්න.හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාතාල මැරවරයන් ඉන්නවා. ආරක්ෂාව ඉල්ලුවා. කතානායකතුමා ලිපිය පොලිස්පතිතුමාට යැව්වා. අද වෙනතුරු ආරක්‍ෂාව ලබා දී නෑ’

Related posts

ஶ்ரீதேவியின் பூதவுடலை இந்தியாவிற்கு கொண்டு வருவதில் தாமதம்

Mohamed Dilsad

பசிலின் வழக்கு ஒத்தி வைக்கப்பட்டது

Mohamed Dilsad

Windy condition is expected to strengthen to some extent over the island

Mohamed Dilsad

Leave a Comment