Trending Newsඑසැන පුවත්දේශීය

ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ අනුව අදාළ ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබිය දී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ එම ලිපිනයේම පදිංචි සේසත්පුර දේවගේ සමන්ති යන 48 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා වන බවට අනාවරණය වී තිබේ. ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

“Three Identical Strangers” to be remade

Mohamed Dilsad

5 லட்சத்துக்கும் அதிகமானோரின் தகவல்கள் திருட்டு…

Mohamed Dilsad

நாணய சுழற்சியில் வெற்றிபெற்ற இங்கிலாந்து!

Mohamed Dilsad

Leave a Comment