Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අය-වැය ගැන පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ් බව කීවේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති හා සමාන බවක් පෙනෙන්න තියෙනවා.

”බොහොම හොඳයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ හැගීමක් තමයි මට නම් ආවේ. මොකද අයවැය රනිල් වික්‍රසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති හා සමානයි. රජයේ සේවක වැටුපත් මාස 06න් 06ට වැඩිකරයි කියල බලාපොරොත්තු වෙනවා. එහෙමනේ පොරොන්දු වුණේ. දැන් ඉතින් අවුරුදු තුනකට තුන් පාරකට වැඩිවෙන්න හදල තියෙනවා. ඒකත් හොඳ දෙයක්. මුකුත් නැති එකේ හොඳක් වෙනවා නම් හොඳයි.” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

Related posts

CID to probe 1998 gang rape of South Korean student

Mohamed Dilsad

රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේත් කොරෝනා රෝගීන් 19ක්

Mohamed Dilsad

கிண்ணியாவில் கஞ்சா கலந்த மதனமோதக லேகியத்துடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment