Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අය-වැය ගැන පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ් බව කීවේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති හා සමාන බවක් පෙනෙන්න තියෙනවා.

”බොහොම හොඳයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ හැගීමක් තමයි මට නම් ආවේ. මොකද අයවැය රනිල් වික්‍රසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති හා සමානයි. රජයේ සේවක වැටුපත් මාස 06න් 06ට වැඩිකරයි කියල බලාපොරොත්තු වෙනවා. එහෙමනේ පොරොන්දු වුණේ. දැන් ඉතින් අවුරුදු තුනකට තුන් පාරකට වැඩිවෙන්න හදල තියෙනවා. ඒකත් හොඳ දෙයක්. මුකුත් නැති එකේ හොඳක් වෙනවා නම් හොඳයි.” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

Related posts

රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා සහ සත්ව පාලන කටයුතුවලට

Mohamed Dilsad

TELO Secretary in trouble for not backing Sajith

Mohamed Dilsad

Tense situation erupted at railway station

Mohamed Dilsad

Leave a Comment