Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාල

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී තද සුළඟට හසුවී, උඩු යටිකුරු වී අනතුරක් සිදුව තිබෙනවා.

උඩු යටිකුරු වුණු යානය, ගුවන් පථයේ ලිස්සා ගොස් නතර වී ඇත්තේ නියමුවන්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් සේ බියට පත් කරමිනි.

අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව කැනේඩියානු බලධාරීන් පවසයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිට පැමිණි ඩෙල්ටා ගුවන් ගමන් සමාගමට අයත් යානයකි.

අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්ව ඇති නමුත්, ගිනි නිවන භටයින් වහාම එය නිවා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ගුවන් යානය සම්පුර්ණයෙන් උඩු යටිකුරු කරමින් සිදුව ඇති එම අනතුරින් පසු පැය දෙකක පමණ කාලයක් ගුවන්තොටුපොළ වසා තැබීමට බලධාරීන් කටයුතු කළහ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගුවන්තොටුපොළ අවට දැඩි සුළං සහ හිම පතනයක් වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

சேவைத்துறையில் 4.2 % அதிகரிப்பு

Mohamed Dilsad

காரைதீவு பிரதேசத்தை சேர்ந்த 750 குடும்பங்கள் பாதிப்பு

Mohamed Dilsad

අධිකරණ තීන්දුවලට ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ බලපෑම් කරනවා – නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත

Editor O

Leave a Comment