දේශීය

සමෘද්ධිලාභීන්ට ආහාර හිමිකම් පතක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – සමෘද්ධි හා දිළිඳු පවුල් සඳහා ආහාර හිමිකම් පතක් ලබාදීමට රජයේ අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම  සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාගැනීමට සමෘද්ධි බැංකු හරහා අවස්ථාව ලබාදීම සඳහා ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව දැනුම් දුන්නේය.

රට තුළ පවතින තත්ත්වය හමුවේ දිළිදු පවුල් සදහා සහනයක් ලබා දීමට මෙවැනි තීරණ ගෙන තිබේ.

 

Related posts

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්

Mohamed Dilsad

Leave a Comment