Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

ආනයනික මෝටර් රථ සඳහා අප්‍රේල් මස 2වැනිදා සිට තීරු බදු ඉහළ දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා (14) ප්‍රකාශ ක‍ළේය. තීරු බදු සැලැස්ම පිළිබඳව හෙතෙම වැඩිදුර තොරතුරු හෙළි කර නොමැති අතර ඇමරිකාවෙන් අපනයනය කරන මෝටර් රථ දිගු කලක පටන් විදේශ වෙළෙඳපොළ තුළ අසාධාරණයට ලක් වන බවට ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

“සමාන තීරු බදු” පැනවීමට, එනම් ඇමරිකාව සහ එහි වෙළඳ හවුල්කරුවන් විසින් පනවන ලද තීරු බදු අනුපාත සමාන කිරීමට තීරණය කර ඇති බව හෙතෙම පසුගිය 13වැනිදා නිවේදනය කළේය. එදින ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද සංදේශයකට අනුව, ඇමරිකානු ප්‍රතිපත්තියේ අරමුණ “භාණ්ඩවල විශාල හා නොනැසී පවතින වෙළඳ හිඟය අඩු කිරීම” බව වාර්තා වේ.

Related posts

வாத்துவை விருந்துபசாரத்தில் தொடரும் மர்மங்கள்

Mohamed Dilsad

ගුරු සංගම්වලින් රජයට රතු එළියක්

Mohamed Dilsad

Trains delayed on Southern coastal line due to derailment

Mohamed Dilsad

Leave a Comment