Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

ආනයනික මෝටර් රථ සඳහා අප්‍රේල් මස 2වැනිදා සිට තීරු බදු ඉහළ දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා (14) ප්‍රකාශ ක‍ළේය. තීරු බදු සැලැස්ම පිළිබඳව හෙතෙම වැඩිදුර තොරතුරු හෙළි කර නොමැති අතර ඇමරිකාවෙන් අපනයනය කරන මෝටර් රථ දිගු කලක පටන් විදේශ වෙළෙඳපොළ තුළ අසාධාරණයට ලක් වන බවට ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

“සමාන තීරු බදු” පැනවීමට, එනම් ඇමරිකාව සහ එහි වෙළඳ හවුල්කරුවන් විසින් පනවන ලද තීරු බදු අනුපාත සමාන කිරීමට තීරණය කර ඇති බව හෙතෙම පසුගිය 13වැනිදා නිවේදනය කළේය. එදින ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද සංදේශයකට අනුව, ඇමරිකානු ප්‍රතිපත්තියේ අරමුණ “භාණ්ඩවල විශාල හා නොනැසී පවතින වෙළඳ හිඟය අඩු කිරීම” බව වාර්තා වේ.

Related posts

මෙරට චීන තානාපති කතානායකවරයා හමුවෙයි

Mohamed Dilsad

President’s Christmas message

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට සිහි කැඳවීමක්

Editor O

Leave a Comment