Trending Newsඑසැන පුවත්දේශීය

ටිල්වින් සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කරන ලද බව ඉන්දීය මහ කොමසාරිස් නිල X ගිණුමේ සදහන් කර ඇත. මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී දෙපාර්ශවය අතර බලශක්ති හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව X ගිණුම සඳහන්.

මෙම සාකච්ඡා සිදුව ඇත්තේ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයෙන් ඉවත්ව යම් යාමේ පසුබිමක් තුළ වීම විශේෂත්වයකි.

Related posts

டெங்கு நோயினால் உயிரிழந்தவர்களின் எண்ணிக்கை அதிகம்

Mohamed Dilsad

ගාලු මුවදොර ක්‍රීඩාංගණය ගැන ආණ්ඩුවෙන් තීරණයක්

Editor O

மாகாணங்களுக்கிடையிலான ஒரு நாள் கிரிக்கட் போட்டித் தொடர் இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment