Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් බලය ගත් රූකඩ ආණ්ඩුවක් රට ක් පාලනය කරනවා

රටට, ආගමට, සංස්කෘතියට විශාල බලාපොරොත්තු සහිතව ජනතාව පත්කළ ආණ්ඩුවේ අද රූකඩ නායකයන් සිටින අතර එම නායකයන් බලයට පත්කිරීමට ඇමෙරිකාවෙන් මුදල් තොගයක් ගලා ආ බවක් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දින අනුරුද්ධ මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙරට බලය වෙනස් කිරීම සඳහා ආණ්ඩුව සහ තවත් ඇමැතිවරුන් ඇමෙරිකාවෙන් මුදල් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කතානායකවරයාට ලිපියක් යොමු කර ඇති බවද අනුරුද්ධ මහතා කීය.

මෙරට බලය වෙනස් කිරීම සඳහා ඇමෙරිකාව කිසියම් ආයතනයක් හරහා රටවල් කීපයකට මුදල් ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවටත් එම මුදල් ලබාදී ඇති බවත් කී ඉන්දික අනුරුද්ධ මහතා මහානායක ස්වාමීන් වහන්සේලාට සහ කාදිනල් හිමියන්ට ඒ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබා දෙන ලෙසද ආණ්ඩුවට කියා සිටියේය.

රූකඩ ආණ්ඩුවක් සහ රූකඩ පාලකයන් අද මෙරට අල්ලාගෙන තිබෙන බවත් ඒ ජාත්‍යන්තරේ වුවමනාවට බවත් පැවැසූ නිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ආණ්ඩුව පවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධියට පත්කර ඇති බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩු කරන සමයේත් විදුලි අර්බුදය පැමි බවත් එහෙත් ඒවා කළමනාකරණය කර ජනතාවට විදුලිය ලබාදුන් අතර අද සිටින බලධාරින්ගේ කිසිදු කළමනා කරණයක් නොපෙනෙන බවද හිටපු අමාත්‍යවරයා පැවැසීය.

නොරොව්වෝලේ බලාගාරය කැඩුණොත් හෝ, තාවකාලික නඩත්තු කටයුත්තකට වසා දැමුවොත් හෝ අද ජනතාවට විදුලිය නොමැති තත්වයක් උදාවන බවද ඔහු කීවේය. උමා ඔය, සාම්පූර්, නොරොචෝලේ. ඉහළ කොත්මලේ වැනි බලාගාර රටට අවශ්‍ය නැති බවක් එදා ප්‍රකාශ කළේ ජාතික ජනබලවේගය බව ද ඉන්දික අනුරුද්ධ මහතා පැවැසීය.

Related posts

263 ஓட்டங்களால் பாகிஸ்தான் வெற்றி

Mohamed Dilsad

VIDEO உசைன் போல்டின் சாதனைக்கு சவாலாக களமிறங்கியுள்ள 7 வயது சிறுவன்

Mohamed Dilsad

உள்ளூராட்சி மன்ற தேர்தல் – 2018 ஹம்பாந்தோட்டை – தங்காலை நகர சபை

Mohamed Dilsad

Leave a Comment