Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

උද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පුරෝකථනයක්

පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බලකායේ හිඟයන් ඇතිවීමෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බලකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵළදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව මහ බැංකුව පෙන්වාදෙයි.

2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ. දේශීය හා ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමනය සහ ආර්ථික වර්ධන පුරෝකථන  සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම එම වාර්තාවෙන් අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව පෙන්වාදෙයි.

ඒ අනුව කාර්මික නිෂ්පාදනය හා ආහාර සැකසුම් අංශ මෙන්ම විදුලි උත්පාදනය වැනි අංශ, දේශගුණික විපර්යාසයන්වල බලපෑමට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මැදි කාලීනව එවැනි සිදුවීම් මෙරට ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව මහ බැංකු මුදල් ප්‍රතිපත්ති අදාළ වාර්තාවෙන් සඳහන් කර තිබේ.

මීට අමතරව විදේශීය අංශයේ කාර්ය සාධනය කෙරෙහි ගෝලීය අවිනිශ්චිතතා, විශේෂයෙන් අමෙරිකාවේ දේශපාලන වෙනස්කම් මත ඇතිවන තත්ත්වයන් හේතුවෙන් බලපෑම් සිදුවිය හැකි බව ද ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ අංශයට තීරණාත්මක වන ගෝලීය වෙළෙඳාම, ආයෝජන, ප්‍රාග්ධන ප්‍රවාහ, ආර්ථික වර්ධනය සහ උද්ධමනය යන අංශයන්හි උච්චාවචන ඇතිවීමට අමෙරිකාවේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවිය හැකි බ‍ෙ මහ බැංකුව පෙන්වාදී ඇත.

මේ අතර 2025 වසරේ ජනවාරි සමීක්ෂණයට අනුව රජයේ වියදම් සහ වැටුප් වැඩිවීම්, පුද්ගලික භාවිත වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමඟ රුපියල අවප්‍රමාණය වීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උත්සව මාසවල ඉහළ ඉල්ලුම යනාදි කරුණු හේතුවෙන් ඉදිරි මාස 03 සිට දිගු කාල සීමාවක් දක්වා අපේක්ෂිත උද්ධමනය ක්‍රමානුකූලව ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි බව ද මේ වසර සඳහා ඉදිරිපත් කළ සිය පළමු මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

Related posts

ஆரம்பம் முதலே சவாலாக விளையாடியதாக தனுஷ்க குணதிலக்க தெரிவிப்பு

Mohamed Dilsad

Woman shot dead in Venezuela voting queue

Mohamed Dilsad

Indian model killed in Dubai bus crash cremated

Mohamed Dilsad

Leave a Comment