Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක්

වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ,  වාහනයක් නතර කළ පසු පළමු විනාඩි 10 නොමිලේ බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පාලිත නානායක්කාර මහතා, “රථගාල් පාලනය කලමණාකරනය කිරීම තුළ වාහනයක් නතරකළ සැනින් ගාස්තුවක් ගෙවන්න නීතියක් නෑ පනවලා. වාහනයක් නතර කරලා පළවෙනි විනාඩි 10 නොමිලේ. 

වාහනයක් නවත්වන වෙලාව දාලා චිට් එකක් දෙන්න පුළුවන්. විනාඩි දහය ඉක්මවා ගියොත් තමයි ඒ පුද්ගලයාට රුපියල් 70ක මුදලක් අයකරන්න නියම කරලා තියෙනනේ. ඊට වඩා මුදලක් ගන්න කිසිසේත්ම බෑ.  ඒ වගේම පෝය දිනවල සහ විශේෂ නිවාඩු දිනවලදී  අපි අයකිරීම් සිද්ධ කරන් නෑ”. 

Related posts

ඩග්ලස් දේවානන්දා – උතුරට, නැගෙහිරට සහ කොළඹ ට ”වීනාව” ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

Flood warning for low-lying areas of Godadora Ela & Kirindi Oya

Mohamed Dilsad

Alpha partners with Global Market Leaders in office and Security Solutions Partners with global brands Haworth and Gunnebo

Mohamed Dilsad

Leave a Comment