Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු කතානායක, ආචාර්යය අශෝක රංවලගේ උපාධි සහතිකය කෝ…? – ඉල්ලා අස්වී මාස දෙකක්

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස දෙකක් ගතවෙයි.

ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය. තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.

නමුත් මාස දෙකක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත. ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

Related posts

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ට ඇප

Editor O

யேமனில் நடத்தப்பட்ட குண்டுத் தாக்குதலில் 07 குழந்தைகள் உயிரிழப்பு…

Mohamed Dilsad

පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා

Editor O

Leave a Comment