Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි කප්පාදුව ගැන ලැබුණ අලුත්ම තොරතුර

විදුලි කප්පාදුව අද (14) දින සිට නැවත දැනුම් දෙන තුරු සිදු නොකරන බව බලශක්ති අමාත්‍යංශය අද (14) පෙරවරුවේ දැනුම් දී තිබේ. අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවී ඇතැයි ද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ.ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි.

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.

Related posts

Wimal Weerawansa’s corruption case fixed for May 16

Mohamed Dilsad

ஜனாதிபதியின் மகா சிவராத்திரி வாழ்த்துச் செய்தியில்…

Mohamed Dilsad

ஜனாதிபதி மைத்ரிபால சிறிசேனயின் தலைமையில் கலாபூசணம் அரச விருது விழா இன்று

Mohamed Dilsad

Leave a Comment