Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ට ඇප

අල්ලස් කොමිෂමෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

අල්ලස් කොමිෂමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දුන්නේය. නඩුව ජනවාරි මස 16 වනදා කකැඳවීමට නියමිතයි.

Related posts

DMC organized river clearing programme in Galle yesterday

Mohamed Dilsad

Over 1,500 drunk drivers arrested during New Year season

Mohamed Dilsad

Tyson believes McGregor will look ‘ridiculous’ boxing Mayweather

Mohamed Dilsad

Leave a Comment