Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බදු අඩු කර, ජනතාවට සහන දෙනවා යැයි කියමින් බලයට පැමිණි අය දැන් කියන කතාව

මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතු බවය.

අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කර ඇත. වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි IMF එකට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි. නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා. එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණ.”

Related posts

Warnings issued as Kelani, Kalu, Gin, and Nilwala water levels on the rise

Mohamed Dilsad

Tense situation at Narahenpita SLTB Head Office

Mohamed Dilsad

අරුමුගම් තොණ්ඩමන් දැරූ ඇමති ධූරය අගමැතිට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment