Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි නිවසේදී අද (31) සවස රැස්වී තිබේ.

එහිදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරග කරන ආකාරය සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. දේශපාලන මණ්ඩල සාමාජිකයින් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සන්ධානගතව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට වඩාත් යෝග්‍ය බවය.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ කීවේය. “පක්ෂ කිහිපයක් එක්ක සන්ධානගත වෙලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන්න සාකච්ඡා කරලා තියෙනවා. ඒත් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒත් අපි සංවිධායකවරු පත් කරලා පක්ෂ සංවිධායක කටයුතු සිදුකරන්න මෙහිදී සාකච්ඡා කළා. දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරන්න සාකච්ඡා ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ආරාධනා කරලා තියෙනවා. කොහොම වුණත් ඉදිරියේදී මේ ගැන තවත් සාකච්ඡා කරනවා. යම් හෙයකින් සන්ධාන ගතවුණොත් බැලට් පේපරෙනුත් පොහොට්ටුව හැලෙන්න පුළුවන්.”

කෙස් නමුත් මෙහිදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මහතා පැවසුවේ  සන්ධාන ගතව ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.

“පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රතිසංවිධාන කටයුතු සහ මැයි දිනය ගැන අපි අද සාකච්ඡා කළා. වැඩකරන ජනතාව විදිහට මැයි දිනය සමරන්න මැයි දිනය සමරන්න අපි තීරණය කළා. ආසනවල ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිටත් ආරම්භ කරලා තියෙන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සී.බී රත්නායක මේ ගැන පක්ෂ නියෝජතයින් දැනුම්වත් කළා. පොහොට්ටුව ඉවත් කරලා යන්න අදහස් නැහැ. ඒත් සන්ධානගත වීමක් වුණොත් අපිට ඒ ගැන තීන්දුවක් ගන්න වෙනවා. නමුත් දැනට එහෙම දෙයක් නැහැ. බහුතරයකගේ මතය වෙන්නේ එලැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තරග කළ යුතුයි කියලා.

Related posts

கோதபாய ராஜபக்ஷ சற்று முன்னர் நிதி மோசடி குற்ற பிரிவில் முன்னிலை

Mohamed Dilsad

கேப்பாபுலவு மக்களுக்கு நீதி கோரி வவுனியாவில் மாபெரும் ஆர்ப்பாட்டம்..!

Mohamed Dilsad

මද්දකට හසුවූ තවත් කොටියෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment