Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ ජනවාරි 29 විශ්‍රාම යයි.

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය. ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි 30වනදා තේරීපත් විය.

වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත. ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරීමට නියමිතව තිබේ.

වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එදිරිසිංහ මහතා 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව තිබේ. 1970 වසරේ මහනුවර දී උපත ලැබූ වාසු බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශාන්ත සිල්වෙත්තර විදුහලේ ආදි සිසුවෙකි.

Related posts

Gotabaya Rajapaksa assumes duties as 7th Executive President of Sri Lanka

Mohamed Dilsad

අහුංගල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

දේශිය පොල්තෙල් මිළ වැඩි කරන්න සූදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment