දේශීය

අහුංගල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

(UTV |  අහුංගල්ල) – අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (23) රාත්‍රියේ වෙඩි තබා තිබේ.

පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා බලපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව ය.

අදාළ පුද්ගලයින් දෙදෙනා බෝහගපිටිය, ඌරගහ මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔවුන් වයස අවුරුදු 24ක් සහ 29ක් වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇතැයි පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

තවත් ආසාදිතයින් කිහිප දෙනෙක් හදුනා ගනී

Mohamed Dilsad

විදුලි බිල් ගැටලු සොයා සහනයක් දීමට සිව් පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

බැසිල් 5 වැනිදා එයි

Mohamed Dilsad

Leave a Comment