Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විය.

අද දින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන සඳුදා දක්වා කල් තැබීය. එදින පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු දැක්වීමටද නියමිතය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළේය.

පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ කල්දමා තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලුතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ

Related posts

UPDATE-ரயில்வே எஞ்சின் சாரதிகளின் தொழிற்சங்கப் போராட்டம் இடைநிறுத்தம்

Mohamed Dilsad

Pakistan Press Foundation condemns the disruptive incident at the Lake House

Mohamed Dilsad

மூன்றாம் தவணை கல்வி நடவடிக்கைகள் நாளை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment