Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට, පෙර පැවති ආණ්ඩු විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කිරීම ගැන කණගාටුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

රටේ ආර්ථිකය ශක්තිමත් කර, ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවට පෙර පැවති ආණ්ඩුවල ක්‍රියාකාරකම් විවේචනය කරමින් වත්මන් ආණ්ඩුව කාලය ගත කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී 22දා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද කීවේය. ශ්‍රී ලංකාවේ යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ජනතා අවශ්‍යතා ඉටු කිරීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමයි. රට තුළ ඇති ආර්ථික අභියෝග හමුවේ, එම ගැටළුවලට විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවට, පැවති ආණ්ඩුවල ක්‍රියාකාරකම් විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කරමින් සිටීම ගැන කණගාටුවෙනවා. රටේ පවතින ආර්ථික ගැටළුවට කඩිනම් විසඳුම් ඉදිරිපත් කිරීම වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතුයි. රටේ ජනතාව ඡන්දය දීලා වත්මන් ආණ්ඩුව පත් කළේ වෙනසක් සහ ඵළදායී රාජ්‍ය පාලනයක් සඳහා වන කැමැත්ත නිසායි. රටේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාව තුළ තිබෙන සම්පත් ඵළදායීව කළමනාකරණය නොකළහොත්, රට නැවතත් ආර්ථික අර්බුදයකට ගමන් කරාවි. ඵළදායී ආර්ථික උපාය මාර්ග සකස් කර ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන රටට හිතකර ආකාරයෙන්, නිෂ්පාදන, සේවා අංශ ශක්තිමත් කර සංචාරක කර්මාන්ත වැඩිදියුණු කර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතුයි.

දීර්ඝ කාලයක සිට සාකච්ඡා කරමින් තිබෙන ශ්‍රී ලංකාව ඉන්දියාවට සම්බන්ධ කරන පාලමක් මගින් සංචාරක හා වෙළඳාමට පහසුකම් සැලසිය හැකියි. එය රටවල් දෙකටම වාසිදායක ප්‍රතිලාභ ලබා ගත හැකිවේවි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවල ජීවනෝපායන් වැඩිදියුණු කළ හැකියි.

බහරේනය සහ සෞදි අරාබිය අතර පාලම සහ ප්‍රංශය සහ එංගලන්තය අතර චැනල් උමග වැනි යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් ඒ රටවල් සාර්ථික ප්‍රතිලාභ අත්කරගෙන තියෙනවා. ඒවා අපි උදාහරණයට ගත යුතුයි. යැයි ද කීවේය.

Related posts

Gulf tanker attacks: Iran releases photos of ‘attacked’ ship

Mohamed Dilsad

IS militants ‘caught trying to escape’ last Syria enclave

Mohamed Dilsad

Navy apprehends 10 persons engaged in illegal fishing

Mohamed Dilsad

Leave a Comment