Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

හාල් කිලෝව රු. 250ට ත් වැඩිවන පෙරනිමිති. වී කිලෝව 150ට මිලදී ගනිති.

ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බවයි.

එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද ඔහු පැවසීය. ගොවීන්ට ශුද්ධ ලාබයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාළ ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් පැවසීය. රජය විසින් මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවයි.

මේ අතර මෙවර මහ කන්නයේ අස්වනු නෙළීම මේ වන විට වී ආරම්භ ඇති අතර මෝල් හිමියන් විසින් රු. 140-150 ඉහළ මිල ගණන්වලට වී මිලට ගනිමින් සිටින බවද වාර්තාවෙයි.. කැකුළු වී කිලෝවක් රුපියල් 150 ආසන්න මිල ගණනකට මිලට ගනිමින් සිටී. ගොවීන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සඳහා 140 ආසන්න සහතික මිලකි.

Related posts

IS militants ‘caught trying to escape’ last Syria enclave

Mohamed Dilsad

පොලිසියේ පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

தேர்தல்கள் ஆணைக்குழு விடுத்துள்ள கோரிக்கை

Mohamed Dilsad

Leave a Comment