දේශීයප්‍රමුඛ පුවත 2

පොලිසියේ පිරිසකට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවා අවශ්‍යතා මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකුට මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Related posts

නව ගිණුම්කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්

Mohamed Dilsad

කතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙට

Editor O

අලි 06 දෙනෙක් මරාදැමූ දුම්රිය රියදුරා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයක්

Editor O

Leave a Comment