දේශීය

නව ගිණුම්කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්

(UTV | කොළඹ) – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ  හා පොදු ව්‍යාපාර පිළිබඳකාරක සභාවේ සාමාජිකයන් පත් කෙරේ.

ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසිනි.

මේ අනුව රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කරනු ලැබූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුවේදී අද(05) සිදු විය.

පවිත්‍රාදේවී වන්නිආරච්චි,  ඩග්ලස් දේවානන්ද, වාසුදේව නානායක්කාර, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා උදය ප්‍රභාත් ගම්මන්පිල, පාලිත රන්ගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, බුද්ධික පතිරණ, එස්. ශ්‍රීතරන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඇතුළත්වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(1) හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ද පත්කර තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් නම්,

අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අමාත්‍යවරුන් සහ, රාවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ , සුනිල් හදුන්නෙත්ති ,මාවෙයි එස්.සේනාධිරාජා ,ඩී.වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  එලෙස පත් කර ඇති සාමාජිකයන් වේ.

 

Related posts

මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂක වැටට අලි ගහයි

Editor O

කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම ගැන GMOA අවධානයට

Mohamed Dilsad

සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment