Trending Newsඑසැන පුවත්දේශීය

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගනී | තානාපති කාර්යාලය ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යයි

ඉරාන රජයට එරෙහිව එරට තුළ උද්ගතව ඇති ප්‍රබල මහජන විරෝධතා මධ්‍යයේ, ටෙහෙරාන් අගනුවර රැඳී සිටි සමස්ත ශ්‍රී ලාංකිකයන් ආපසු මෙරටට එවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

තානාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව, අගනුවර සේවය කළ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වන විට සුරක්ෂිතව මෙරටට ළඟාවී ඇත.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ටෙහෙරාන් නුවරින් ඉවත් කර, ඉන් කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ආරක්ෂිත ස්ථානයකට තාවකාලිකව පිහිටුවා තිබේ. 

දැනට මෙම කාර්යාලයේ කටයුතු භාර නිලධාරියෙකු යටතේ මෙහෙයවෙන අතර, ස්ථිර තානාපතිවරයෙකු එහි සේවය නොකරයි.

වර්තමාන තත්ත්වය අනුව ටෙහෙරාන් නුවර කිසිදු ශ්‍රී ලාංකික සේවකයෙකු රැඳී නොසිටින අතර, එහි සිටින්නේ තානාපති කාර්යාලයේ නිලධාරීන් පමණි.

දැනට තානාපති කාර්යාලය ඉරානයේ මාසාල්හි ‘රෂාට්’ නම් ප්‍රදේශයේ ස්ථාපනය කර ඇත.

නව පරිශ්‍රය තුළ සේවය කරන නිලධාරීන් දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින අතර, අන්තර්ජාල පහසුකම් ඇනහිටීම හේතුවෙන් සන්නිවේදන කටයුතු ද අඩාළ වී පවතී.

Related posts

මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් රේගු භාරයට

Mohamed Dilsad

கோட்டபாய ராஜபக்ஷ நிரந்தர நீதாய மேல் நீதிமன்றத்தில்…

Mohamed Dilsad

අද සිට සතියක් වැසුණු තවත් පාසලක්

Mohamed Dilsad

Leave a Comment