Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා ඇත. එම තීරණ පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන් අතර සුවිශේෂ මාතෘකා බවට පත්ව ඇතැයි වාර්තාවේ. ජනපති ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිත කෝලාහල සම්බන්ධයෙන් 1,600 පිරිසකට සමාව දී තිබේ.

ඔහුගේ ජනාධිපති ධුරයේ පළමු නියෝග කිහිපයකට අත්සන් කරමින් , “අමෙරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වේ,” යනුවෙන් ඔහු සිය සමාරම්භක දේශනයේදී පවසා ඇත.

තමන් “සාමය ඇති කරන්නෙකු සහ එක්සත් කරන්නෙකු” බවයි ජනපති එහිදී පවසා ඇත්තේ .
ඔහුගේ විශේෂ ජනපති නියෝග යටතට, අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමත් ඇතුලත්.
කාගේත් කතාබහට ලක්වූ ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාවට අදාලවත් ඔහු විශේෂ නියෝගයකට අත්සන් තබා ඇතත්, එහි අන්තර්ගතය මාධ්‍යට ප්‍රසිද්ධ කර නැහැ.

ඔහු ජනපතිවරණයට පෙර ප්‍රකාශ කළේ තමන් ජනපති වී පළමු පැය 24 තුළ යුක්‍රේන යුද්ධය අවසන් කරන බවයි. මේ පිළිබඳ මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා තිබෙනවා. එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ , තමන් පත්ව තවමත් ගතව ඇත්තේ දින භාගයක් නිසා, ඉතිරි දින භාගය තුළ වැදගත් තීරණය ගනු ඇති බවයි.

Related posts

AB de Villiers returns for England series opener

Mohamed Dilsad

Explosion strikes Palestine PM’s convoy in Gaza

Mohamed Dilsad

8 மாடி கட்டிடத்தில் ஏற்பட்ட பயங்கர தீ விபத்தில் 10 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment