Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීනයේ ජනගහන වර්ධනය පහළට

චීනයේ ජනගහනය 2024 වර්ෂයේදීත් අඛණ්ඩව තුන්වන වසරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා. 2024 දී ජනගහනය බිලියන 1.408 ක් වූ අතර 2023 දී එය බිලියන 1.409 ක් වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. එහිදී මිලියන 1.39 කින් ජනගහනය අඩුවී තිබෙනවා.

උපත් මිලියන 9.54 දක්වා ඉහළ ගිය නමුත් මරණ සංඛ්‍යාව මිලියන 10.93 ක් වාර්තා වීමත්, ඉදිරි වසරවලදී මෙම ප්‍රවණතාවය වේගවත්වනු ඇති බවට කරන පුරෝකථනත් චීන ආර්ථිකයට අයහපත් බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ. සේවකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව අඩු වන විට ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස සිටීමට අරගල කරන චීනය තවදුරටත් අසීරු තත්ත්වයකට ඇදවැටෙන බව සඳහන්.

වැඩිහිටි සත්කාර සහ විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වන පිරිවැය ඉහළ යාම දැනටමත් චීන ආර්ථිකය මත අමතර ආතතියක් ඇති කර තිබෙනවා.

Related posts

சர்வதேசத்தில் எரிபொருள் விலை குறைந்தால் அதன் பிரதிபலன் மக்களுக்கே

Mohamed Dilsad

கலிபோர்னியாவில் படகில் தீ விபத்து – 25 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment