Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීනයේ ජනගහන වර්ධනය පහළට

චීනයේ ජනගහනය 2024 වර්ෂයේදීත් අඛණ්ඩව තුන්වන වසරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා. 2024 දී ජනගහනය බිලියන 1.408 ක් වූ අතර 2023 දී එය බිලියන 1.409 ක් වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. එහිදී මිලියන 1.39 කින් ජනගහනය අඩුවී තිබෙනවා.

උපත් මිලියන 9.54 දක්වා ඉහළ ගිය නමුත් මරණ සංඛ්‍යාව මිලියන 10.93 ක් වාර්තා වීමත්, ඉදිරි වසරවලදී මෙම ප්‍රවණතාවය වේගවත්වනු ඇති බවට කරන පුරෝකථනත් චීන ආර්ථිකයට අයහපත් බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ. සේවකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව අඩු වන විට ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස සිටීමට අරගල කරන චීනය තවදුරටත් අසීරු තත්ත්වයකට ඇදවැටෙන බව සඳහන්.

වැඩිහිටි සත්කාර සහ විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වන පිරිවැය ඉහළ යාම දැනටමත් චීන ආර්ථිකය මත අමතර ආතතියක් ඇති කර තිබෙනවා.

Related posts

President asks to submit a report on price and quality of water bottles

Mohamed Dilsad

சிறிய மற்றும் நடுத்தர வியாபாரிகளை ஊக்குவித்து அமைச்சர் ரிஷாதினால் வர்த்த பெருவிழா நிகழ்வுகள் ஆரம்பம்

Mohamed Dilsad

අප්‍රේල් 27 සියලු විශ්වවිද්‍යාල විවෘතයි – අගෝස්තු පාසැල් නිවාඩුව සතියයි

Mohamed Dilsad

Leave a Comment