Trending Newsඑසැන පුවත්දේශීය

සංචාරකයින්ට විල්පත්තුව වැසෙයි

මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවි ඒකකය සදහන් කරයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ඝණ අඩි 6000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ආකරයක් දක්නට ලැබේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා ඇති බව වනජීවි නිළධාරින් සදහන් කරයි

ඒ අනුව දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැණුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹිමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ.

ලංකාවට ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස හැදින්වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් නිරායාසයෙන්ම පැමිණෙන බව කියයි.

නමුත් මේ දිනවල පවතින අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් සංචාරකයින්ට උද්‍යානය නැරඹීමට නොහැකිව යාම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක්ද දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බව කියයි.

මෙම උද්‍යානය නැරඹීම සදහා පැමිණෙන එක් විදෙස් සංචාරකයෙකුගෙන් ඇමරිකන් ඩොලර් 25 සහ එයට අදාල බදු වශයෙන් තවත් ඩොලර් 10ක මුදලක් ලබා ගැනීම සිදු කරන අතර, මේ හේතුව නිසාවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඩොලර් පොම්ප කරන ස්ථානයක් බවට උද්‍යානය පත්ව තිබෙන බව පැවසේ.

කලා ඔයේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල උද්‍යාන ආදායම පාඩු ලබමින් තිබෙන බවයි වන ජීවි නිළධාරින් පෙන්වා දෙයි.

Related posts

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

Mohamed Dilsad

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

Editor O

President will not approve Ministerial posts to SLFP Parliamentarians who act against party

Mohamed Dilsad

Leave a Comment