Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කෙරේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (17) නියම කළා.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහි මෙම නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා. අනතුරුව වැඩිදුර විභාගය පෙබරවාරි මස 17 වන දා දක්වා කල් තැබුණා. 2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම අපරාධය සිදුවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශ වලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

Related posts

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

Vowing for Innocence of Muslim IDPs at BBC London – [VIDEO]

Mohamed Dilsad

Harin resigns as Sports Minister

Mohamed Dilsad

Leave a Comment