Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවීමකට අතපෙවීමක් කර ඇති වාර්තාවෙයි.

කොළඹ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටි වැඩබලන වෛද්‍ය විශේෂඥවරියකට මුලතිව් දිස්ත්‍රික් රෝහලට ලැබී ඇති මාරුවීමක් අවලංගු කර ඇයට නැවතත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට හෝ ආසන්න රෝහලකට පත්වීමක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෙත ලිඛිතව දැනුම් දී තිබේ. අදාළ ලිපිය පහතින් දැක්වේ.

දේශපාලන අතපෙවීම් පිටුදකින බව පවසමින් බලයට පැමිණි වත්මන් රජයේ බලධාරීන් විසින් ද මෙවැනි ක්‍රියා සිදුකිරීම සමාජ මාධ්‍ය තුළ බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබෙනු දැකගත හැකි ය.

Related posts

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Mohamed Dilsad

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

Mohamed Dilsad

சர்வதேச கூட்டுறவு தின விழாவில் அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

Leave a Comment