Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවීමකට අතපෙවීමක් කර ඇති වාර්තාවෙයි.

කොළඹ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටි වැඩබලන වෛද්‍ය විශේෂඥවරියකට මුලතිව් දිස්ත්‍රික් රෝහලට ලැබී ඇති මාරුවීමක් අවලංගු කර ඇයට නැවතත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට හෝ ආසන්න රෝහලකට පත්වීමක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෙත ලිඛිතව දැනුම් දී තිබේ. අදාළ ලිපිය පහතින් දැක්වේ.

දේශපාලන අතපෙවීම් පිටුදකින බව පවසමින් බලයට පැමිණි වත්මන් රජයේ බලධාරීන් විසින් ද මෙවැනි ක්‍රියා සිදුකිරීම සමාජ මාධ්‍ය තුළ බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබෙනු දැකගත හැකි ය.

Related posts

දෙහිවල, ඕබන් පෙදෙස වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

துனிசியாவில் அகதிகள் சென்ற படகு கவிழ்ந்து விபத்து – 13 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

ආසන වෙන් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment