දේශීය

දෙහිවල, ඕබන් පෙදෙස වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවකු අත්අඩංගුවට

පසුගිය 19 වනදා දෙහිවල, ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල දී සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එසේ අත්අඩංගුවට ගත් සැකකරු බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගයකු බව පොලීසිය වාර්තා කරයි.

 

ඉකුත් 19 වනදා ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල දී යතුරපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩිතබා තුවාල සිදුකර පළ ගොස් තිබිණි.

 

ඒ සම්බන්ධයෙන් පොලීසිය ඊයේ (26) දෙහිවල, සුමුදු මාවත ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී වෙඩිතැබීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු පරික්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ සඟවාගෙන සිටි ජීව ඇත්බෝම්බයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 

සැකකරු අද (27) ගල්කිස්ස මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඇඳිරි නීතිය අලුයම 05 ට ඉවතට

Mohamed Dilsad

දෙනවක ගඟෙන් පිරිමි මළ සිරුරු දෙකක් හමුවේ

Mohamed Dilsad

නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment