දේශීය

මන්ත්‍රී නිවසක් අසල උණුසුම් තත්ත්වයක්

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ නිවස ඉදිරිපිට අද (26) විරෝධතාවක් පැවැත්වුණි.

 

ඒ ඔහු ජාතිවාදය වපුරන බවට චෝදනා කරමිනි.

 

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් අද පස්වරුවේ බම්බලපිටිය රැජින මාවතේ පිහිටි අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පෞද්ගලික නිවස වෙත පැමිණ තිබුණි.

 

එහිදී විරෝධතාවයේ නිරත නොවන ලෙසට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි.

 

මෙහිදී පොලීසිය මැදිහත්වී මන්ත්‍රීවරයාගේ නිවසට මීටර් 20ක් පමණ දුරින් විරෝධතාකරුවන් නවතනු ලැබු අතර එහි ආරක්ෂාව සඳහා පොලීසිය, කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද කැඳවා තිබෙනු දක්නට ලැබුණි.

 

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වී පසුව පිරිස විසිර ගොස් තිබුණි.

 

මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, මැතිවරණයක් ආසන්නයේදී දෙමළ මෙන්ම සිංහල දේශපාලනඥයින්ට ද රට, ජාතිය, ආගම සිහිවන බවය.

Related posts

හෝමාගම සිට කොළඹ කොටුවට නව දුම්රියක්

Mohamed Dilsad

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් ලබන සඳුදා අධිකරණයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment