දේශීයවිදෙස්

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

(UTV |කොළඹ ) – අමෙරිකාව විසින් නව කොරෝනා වසංගතය මැඩලීමට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.3 ක මූල්‍ය සහනාධාර දීමට තීරණය කර තිබේ.

වසංගතය වැඩි වශයෙන් බලපෑම් කරනු ඇතැයි සැළකෙන රටවල් 64 කට ඩොලර් මිලියන 274 ක පරිත්‍යාග කිරීමට සූදානම් බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙමඟින් රසායනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම , ආසාධිතයන් තහවුරු කරගැනීම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම , තාක්ෂණික සහය සහ විශබීජ හරණය සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතව ඇත.

අමෙරිකාව විසින් ගතවූ වසර 20 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ කටයුතු වෙනුවෙන් පිරිනමා ඇති මුදල ඩොලර් බිලියනයකට අධිකයි.

ඉන් ඩොලර් මිලියන 26 කට වැඩි මුදලක්ම වෙන් කර ඇත්තේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම වෙනුවෙනුයි.

Related posts

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

ලීසිං සඳහාත් සහනයක් හිමිවන ළකුණු

Mohamed Dilsad

Leave a Comment