දේශීය

හෝමාගම සිට කොළඹ කොටුවට නව දුම්රියක්

(UTV | කොළඹ) – හෝමාගම සිට කොළඹ කොටුව දක්වා අද (05) සිට නව දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව පෙරවරු 7 ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පෙරවරු 8.10 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පස්වරු 6.10 ට එම දුම්රිය කොළඹ කොටුවේ සිට යළි හෝමාගම බලා ගමන් ආරම්භ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

කොවිඩ් එන්නත මෙරටටත් ගෙන එන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ.

Editor O

හලාවත ගම්මාන 5කට සංචණර සීමා

Mohamed Dilsad

Leave a Comment