Trending Newsඑසැන පුවත්දේශීය

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අළෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්. ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය අද (05) පස්වරු 4.30ට සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මෙලෙස තීරණය කර තිබෙනවා.

Related posts

UNP to contest Local Government Elections as United National Front

Mohamed Dilsad

ආණ්ඩුව වැටෙන බව දැනගෙන ආණ්ඩුවෙම අය, බයවෙලා කෑගහනවා – දුමින්ද දිසානායක

Editor O

திமுத் கருணாரத்னவின் சாரதி அனுமதி பத்திரம் இரத்து

Mohamed Dilsad

Leave a Comment