Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් ජාවාරමක් ගැන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අනාවරණය කරයි

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය. ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බව ද නි. ඇමතිවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වින.

ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16000ට අළෙවි කළ අවස්ථා වාර්තා වන බව ද හෙතෙම කීවේය.

නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ, කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රීරෝද රථ ගාල් කරන පුද්ගලයින්ගේ සහය ලැබෙන බවට තොරතුරු පවතින බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ටිකට්පත් මාසයකට ඉහත දී අන්තර්ජාලයට මුදා හරින බවත් එසේ මුදාහැර බලා සිටිය දී තත්ත්පර 42ක් වැනි කෙටි කාලයක දී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවත් ඔහු පවසනවා.

පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙය සිදු කරන බවට සැකයක් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අදාළ වාර්තාව මෙතෙක් නොලැබුණු බවත් කී ඔහු මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි ද අවධාරණය කළේය.

Related posts

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

200 ஆண்டு பழமையான தேசிய அருங்காட்சியகத்தில் பயங்கர தீ விபத்து

Mohamed Dilsad

Navy arrests 5 Indian fishermen for illegal fishing in Sri Lankan waters

Mohamed Dilsad

Leave a Comment