Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින්, අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්‍රචාරක කණ්ඩායම නිවේදනය කර තිබේ.

අද (ජනවාරි 16) අලුයම 2:30 ට සිදු වූ මෙම පිහි ඇනුම, සයිෆ් – කරීනා යුවළගේ නිවසේ සොරකමක් කිරීමට ගත් උත්සාහයකදී සිදු වූවක් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම පිහි ඇනුමෙන් තුවාල ලද සයිෆ්, මේ වන විට ශල්‍යකර්මයකට බඳුන්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පවුලේ අනෙක් අය හොඳින් පසුවන බවත් සඳහන්.

සයිෆ් ප්‍රතිකාර ලබන රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නිරාජ් උත්තමනි බීබීසී වෙත ප්‍රකාශ කර තිබුණේ, පිහි ඇනුමින් සයිෆ් හට තුවාල හයක් සිදුව ඇති බවත්, ඉන් දෙකක් තරමක ගැඹුරු ඒවා වන බවත් ය. එම තුවාලවලින් එකක් කොඳු ඇට පෙළට ආසන්න බවත් සඳහන්.

කොහොම නමුත් මේ සම්බන්ධයෙන් සයිෆ්ගේ පවුලේ පිරිස් වෙතින් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැත.සැකකරු නිවසට ඇතුළු වී ඇත්තේ සයිෆ් සිය බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් – ජේ දෙදෙනා සමඟ නිදා සිටියදී යි.

පසුව නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ අතර සාරා අලි ඛාන් සහ ඊබ්‍රහිම් අලි ඛාන් ද ඔවුන්ගේ පියා වන සයිෆ් අලි ඛාන් හමුවීමට රෝහලට පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ரிலீசுக்கு தயாராகும் எனை நோக்கி பாயும் தோட்டா

Mohamed Dilsad

ஆடிக்கொண்டே ஆபரேசன் செய்த டாக்டர்-(VIDEO)

Mohamed Dilsad

இன்று மாலையுடன் நிறைவடையும் தொடரூந்து புறக்கணிப்பு

Mohamed Dilsad

Leave a Comment