Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

චීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය.

චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ  “ආයෝජන සැසියේ”   ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනයට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන්චයිනා හාබර් ඉංජිනේරු සීමාසහිත සමාගම චයිනා සන්නිවේදන ඉදිකිරීම් සීමාසහිත සමාගම චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව. මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සීමාසහිත සමාගම, චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව , චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සීමාසහිත සමාගම , ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය.

හුවාවි, බී.වයි. ඩී ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාගම් ප්‍රධානීන් සමඟ  සුහද පිළිසඳරකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Related posts

Kim Jong-un: North Korean leader rides horse up sacred mountain – [IMAGES]

Mohamed Dilsad

ETI කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

Mohamed Dilsad

Leave a Comment