Trending Newsඑසැන පුවත්දේශීය

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

මුලතිවු වෙරළ තීරයට පැමිණ සිටියදී ශ්‍රී ලංකා භාරයට ගෙන තිබෙන රෝහින්ග්‍යා සරණාගතයෙන් සම්බන්ධයෙන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

දැනට මෙරට රැකවරණ යටතේ සිටින එම සරණාගතයන් යළි පිටුවහල් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළ කරන බවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ජනාධිපති වෙත යැවූ ලිපියේ සඳහන්.

මෙවන් තත්ත්වයකදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානුෂීය ප්‍රතිපත්ති පිළිපැදිය යුතු බවත් මෙම පිරිස් තම මව්බිමේ පීඩනයන්ට ලක්ව පළා ගිය පිරිස් බවත් තම දැඩි විශ්වාසය බවත් හෙතෙම පෙන්වයි. ඒ අනුව ඔවුන් අවදානමට ලක්ව සිටින කාලය තුළ ඔවුන්ට ආරක්ෂාව සැපයීම මානව හිමිකම් අගය කරන ජාතියක් ලෙස අප සතු වගකීමක් බවත් ඔහු එමඟින් පෙන්වා දෙයි.

මෙම සරණාගතින් මෙරට රැඳී සිටින කාලය තුළ ගෞරවයෙන් හා අභිමානයෙන් සලකන ලෙස තමන් කාරැණිකව ඉල්ලා සිටින බවද හෙතෙම තව දුරටත් කියා සිටී.

Related posts

රුවන් විජේවර්ධන පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ තවත් 37 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Ethan Bramble: Tattooed model mocks arrest warrant in Australia

Mohamed Dilsad

Leave a Comment