Trending Newsඑසැන පුවත්දේශීය

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට, සම්ප්‍රදායට පිටින් මාලිමාවේ කෙනෙක් පත් කරලා – දේවාල කාර්යය මණ්ඩලය තේවා කටයුතුවලින් ඉවත් වෙයි.

සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ රාජකාරි මණ්ඩලයෙන් විරෝධයක් එල්ල විය. ඔවුන් පවසන්නේ සම්ප්‍රදායට එරෙහිව, දේශපාලන වුවමනාව මත එම පත්කිරීම සිදුකර ඇති බවටය.

හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් එස්.වී. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි.

එම පත්කිරීම සම්ප්‍රදායට එරෙහි බවටත් , එම පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු බවටත් චෝදනා කරමින් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරී මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් ඊයේ (05) ඉවත් විය.ඔවුන් සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවක නිරත විය.

Related posts

ඇමෙරිකාවේ තීරුබද්ද හේතුවෙන් ඇඟළුම් කර්මාන්තය අවධානමේ – වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත

Editor O

Landslides destroy 10 shops in Ginigathhena; one reported missing

Mohamed Dilsad

Sri Lankan files Police complaint over racial abuse in UK

Mohamed Dilsad

Leave a Comment