Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රත්මලාන ගුවන් තොටුපොළේ තාප්පයක් කඩා ඉවත් කරන ලෙස ඇමති බිමල්ගෙන් උපදෙස්

රත්මලාන ගුවන්තොටුපොලේ ඇති අවදානම් සහගත සීමා බැම්ම නිසි විමසීමකින් අනතුරුව ඉවත් කරන ලෙසට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබාදී තිබේ. විල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ  සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් රජයට සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට මෙම අනතුරු ඇඟවීම කර තිබේ. ඔවුන් පෙන්වාදී තිබුණේ, රත්මලාන ගුවන්තොටුපොලේ ගාලුපාර සිමාවේ ඇති ඝන අඩි 9ක තාප්පය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නීති උල්ලංඝනය කරන බවයි.

මේ හේතුවෙන් සුළු තාක්ෂණික දෝෂයකදී පවා අධි ධාවනයකදී වූවත් වන් යානයක් ගැටී  සිදුවිය හැකි අනතුර අතිවිශාල බව සඳහන්. පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොලේදී මගීන් 179කට ජීවිත හානි කරමින් සිදු වූ අනතුරට සමාන අනතුරු සිදු වීමට ඉඩ ඇති මේ ඉදිකිරීම ගැන සළකා බලන ලෙස සහ මෙම තාප්පය ඉවත් කර, අනතුරකදී ඉකමනින් බිඳී යා හැකි සරල වැටක් ඉදිකරන ලෙස එම සංගමය ඉල්ලිමක් කර ඇතැයි වාර්තාවේ.

Related posts

Hamilton signs £40 million-a-year Mercedes deal

Mohamed Dilsad

Death sentence for drug charges convicts

Mohamed Dilsad

பிரபஞ்ச அழகியாக தென் ஆப்பிரிக்காவின் டெமி லெய் தேர்வு

Mohamed Dilsad

Leave a Comment