Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රත්මලාන ගුවන් තොටුපොළේ තාප්පයක් කඩා ඉවත් කරන ලෙස ඇමති බිමල්ගෙන් උපදෙස්

රත්මලාන ගුවන්තොටුපොලේ ඇති අවදානම් සහගත සීමා බැම්ම නිසි විමසීමකින් අනතුරුව ඉවත් කරන ලෙසට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබාදී තිබේ. විල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ  සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් රජයට සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට මෙම අනතුරු ඇඟවීම කර තිබේ. ඔවුන් පෙන්වාදී තිබුණේ, රත්මලාන ගුවන්තොටුපොලේ ගාලුපාර සිමාවේ ඇති ඝන අඩි 9ක තාප්පය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නීති උල්ලංඝනය කරන බවයි.

මේ හේතුවෙන් සුළු තාක්ෂණික දෝෂයකදී පවා අධි ධාවනයකදී වූවත් වන් යානයක් ගැටී  සිදුවිය හැකි අනතුර අතිවිශාල බව සඳහන්. පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොලේදී මගීන් 179කට ජීවිත හානි කරමින් සිදු වූ අනතුරට සමාන අනතුරු සිදු වීමට ඉඩ ඇති මේ ඉදිකිරීම ගැන සළකා බලන ලෙස සහ මෙම තාප්පය ඉවත් කර, අනතුරකදී ඉකමනින් බිඳී යා හැකි සරල වැටක් ඉදිකරන ලෙස එම සංගමය ඉල්ලිමක් කර ඇතැයි වාර්තාවේ.

Related posts

“Fifty percent subsidy given to farmers on seed potatoes would be increased to 100 percent” – President

Mohamed Dilsad

2OR donates Rs 7.5 million to educate Buddhist youth

Mohamed Dilsad

ரொக்கட் ஒன்றினை நிர்மாணித்த மாணவனுக்கு ஜனாதிபதி 10 இலட்ச ரூபா நிதி அன்பளிப்பு

Mohamed Dilsad

Leave a Comment