Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බේබදු සමාජය ට මාලිමා ආණ්ඩුවෙන් සහන මිලට අරක්කු

අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළඳපොළට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම කටයුත්ත සිදු කිරීමට අදහස් කර සිටින බවත් ඒ මහතා පැවසුවේ ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් නිරීක්ෂණයට එක් වෙමිනි.

මෙම කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුළ ඇති නීතිවිරෝධී මත්පැන් භාවිතයට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොළට හඳුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනයට හා අපනයන වෙළඳපොළ ඉළක්ක කර කාබනික සීනි නිෂ්පාදනයට මෙහිදී අවධානයට ලක් කෙරුණි.

තවද සීනි නිෂ්පාදන බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵළදායීතාව වැඩි කරනු වස් කාර්‍ය දර්ශක සකස් කිරීමටත්, මෙහි බොහෝ කාලයක් ගැටලුවක්ව තිබූ සේවකයගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසඳීමටත්, ගොවීන්ට ජලය ලබාගැනීමේදි සිදුවන අපහසුතා මගහැරීම වෙනුවෙන් ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එකව කඩිනම් පියවර ගැනීමට ලංකා සීනි සමාගමේ සේවකයින්, වෘත්තීය සමිති නියෝජිතයන් හා ගොවි සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරුණි.

Related posts

“People should decide between a terminator or a people’s leader” – Premier

Mohamed Dilsad

Macron party set for big Parliamentary win

Mohamed Dilsad

அனர்த்தத்திற்கு உள்ளாகும் பகுதிகளை வரைபடமாக்கும் பணிகள் காலியில் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment